නීතිය හා සාමය ජනපතිට – මුදල් අගමැතිට – කැබිනට් සංශෝධනය බ්‍රහස්පතින්දා?

යෝජිත කැබිනට් සංශෝධනය එළැඹෙන බ්‍රහස්පතින්දා (18) සිදු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් අප වෙත ප්‍රකාශ කළේය. 

අමාත්‍යධූර සඳහා යෝජනා වී සිටින අමාත්‍යවරුන්

මෙම සංශෝධනයේදී මුදල් අමාත්‍යංශය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති අතර රවී කරුණානායක මහතාගේද එකඟත්වය ලැබී ඇතැයි පැවසේ. නීතිය හා සාමය අමාත්‍යංශය සාගල රත්නායක මහතාගෙන් ඉවත් කර ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමටද දෙපාර්ශවයේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ අනුව අමාත්‍ය රවී කරුණානායක මහතාට  හා සාගල රත්නායක මහතාට වෙනත් අමාත්‍යංශයත් ලබා දීමට අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ අතර දැඩි අභ්‍යන්තර බල අරගලයක් පවතින ජනමාධ්‍ය අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කිරීමටද අගමැතිවරයා එකඟ වී තිබෙනවා. ඒ අනුව අභ්‍යන්තර කටයුතු හා සංස්කෘතික අමාත්‍යංශය ගයන්ත කරුණාතිලක මහතා වෙත ලබා දීමට නියමිතයි.

අනෙකුත් අමාත්‍යංශ ඒ ඒ පක්ෂ අතරේම පමණක් බෙදී යන ආකාරයෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවන බවට ජනාධිපති කාර්යාල අරංචි මාර්ග තහවුරු කර සිටිනවා.

එක්සත් ජනතා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පවතින අවබෝධතා ගිවිසුම් අගෝස්තු මාසයේදී සමාලෝචනය කිරීමට යෝජනා වී තිබිණි. ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති ජනපතිවරයා ප්‍රබල තීන්දුවක් ගන්නා බවට පවසා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here