නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


යාපනය විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකුට පලායාමට ඉඩ සැලැස්විම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2015 මැයි මස 13 වනදා විද්‍යා දැරිය පැහිරගෙන ගොස් සමූහ දුෂණය කර ඝාතනර කර තිබුණි.

සිද්ධියට අදාළව සැකකරුවන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඉන් සැකකරුවන් 10 දෙනෙකුට  එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණයකට අනුව අදාළ නඩුව යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here