නායකයෝ මැන්ටල් කෙළිනකොට ගෝලයන්ට නාන්න වෙනවා! (VIDEO)

අපේ රටේ ජනතා නියෝජිතයන් හා සමහරක් දේශපාලන නායකයන් ආදර්ශමත්ව හා වගකීමෙන් වැඩ කටයුතු කලානම් නිදහසින් පසු අපේ රට මේ තත්වයට පත් වන්නේ නැත. දේශපාලන නායකයන් හා ජනතා නායකයන් ලෙසින් හඳුන්වාගන්නා සමහර නායකයින් පිටුපස යන ගෝත්‍රිකයන් වැනි සමාජයක් අපේ රටේ තිබෙන බව අප දුකින් වුවත් පිළිගත යුතුය. නමුත් එම ගෝත්‍රිකයන් පිරිස රටේ බහුතරය ලෙස සිතමින් උදම් ඇනුවද ඔවුන් සුළුතරයක් පමණක් බව සාක්ෂි සහගතව ඔප්පු වන්නේ හිටපු ජනාධිපති වරයා ඉතිහාසයේ ප්‍රථමවරට පරාජය වි ගෙදර ගිය ජනාධිපතිවරයා බවට රටේ බහුතර ජනතාව තීරණය කිරීමත් සමගය…
ඔහු පරාජය වි ගෙදර ගියා මදිවාට තමන්ගේ ගෝල ගෝත්‍රික කණ්ඩායමටද අනාගතය නැති කරමින් සිටින බවට සාක්ෂිද එමටය. එක අතකින් මහින්ද මහත්තයාට චෝදනා කිරීමෙන්ද පලක් නැත ඔහුට දැන් වයසය… අමතකවීම් අත් වැරදීම් ඔහුට තම වයසත් සමඟ සිදුවීම සාධාරණය… ඔහු විටෙක කියන දෙය විටෙක නොකීවා කියයි…
ගැටලුව ඇත්තේ මෙවන් නායකයන් බලයට ගෙන ඒමට හෝ ඒ නායකයන්ට ඇති ජනතා කැමැත්ත යොදාගෙන බලයට එන්නට බලා සිටින උදවියට අත්වන කලදසාව ගැනය එයට හොඳම උදාහරණය පසුගියදා දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාට අත් විය. එනම් නායකයන්ගේ මැන්ටල් කතා නිසා ගෝලයන්ට හොඳටම නාන්නට සිදුවිය…
මාධ්‍ය හමුවේ ඔහු අපහසුතාවයට පත් වූ ආකාරය හා එයට හේතුව වූ හිටපු ජනාධිපතිවරයාගේ පදනම් විරහිත ප්‍රකාශ කිහිපයක්ද පහත විදියෝවෙන් නරඹන්න….
ගෝත්‍රික ලෙස දේශපාලකයන්ට කඩේ යාමට පෙර එම දේශපාලකයාගේ ක්‍රියාකලාපය හා ඔහුගේ ගමන්මග සහ අනාගතය මෙන්ම තමන්ගේද අනාගතය ගැන දෙවරක් සිතා කටයුතු කරන්න එය රටක් ලෙස අපේ රට ඉදිරියට ගෙන යාමට රුකුලක් වනු ඇත….

 

සම්පුර්ණ සටන වැඩසටහන පහතින් නරඹන්න…

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here