නාමල් නිසා කාංචන විජේසේකර එකාබද්ධයෙන් ඉවත්වෙයි!

මහින්ද විජේසේකරගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා එකාබද්ධ විපක්ෂයේ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපය ගැන කළකිරීම නිසා පා.ම කංචන විජේසේකෙර එකාබද්ධ විපක්ෂයේ කටයුතු වලින් ඉවට්වීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳව ඔහු සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා ඇති අතර තමන් දරන දේශපාලන මතය වඩාත් නිවැරදි කරගැනීම සඳහා ඉවත්වන බව එහි දක්වා තිබේ.පොදුජන පෙරමුණේ ගෝල්ෆේස් මැයි රැලියෙන් පසුව දින කිහිපයක් තුල ඒකාබද්ධ විපක්ෂයට දරුණු විපාක වලට මුහුණ දීමට සිදුවී තිබේ.

ඔහුගේ Facebook සටහන මෙසේ දක්වා ඇත
අද දින සිට ඒකාබද්ද විපක්ෂයේ කටයුතු වලින් මදක් ඉවත් වීමට තීරණය කරන ලදී. මෙය කුමන විදියකින් හෝ රජයට එකතුවීමක් හෝ ජාතික ආණ්ඩුව නියෝජනය කරන මෛත්‍රී පිල සමග එකතුවීමක් හෝ ආණ්ඩුව කරන කිසිම පාර්ශවයක් සමග එකතු වීමක් නොවන අතර මා දරන ස්ථාවරය වඩාත් නිවැරදිව කිරීමට කරන කාර්යයක් පමණි. ඉදිරියටත් මාතර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් කල හැකි දේ උපරිම ලෙස කිරිමටත් මට ලබා දුන් මනාපයේ ගෞරවය ආරක්ෂා කිරීමටත් කටයුතු කරමි.
කංචන විජේසේකෙර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here