නව ජනාධිපති ලේකම් හා ආරක්ෂක ලේකම් දිවුරුම් දෙයි

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස  අද (4) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පී.බී අ‍බේකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ලේකම් ධූරයට එම මහතා පත් කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස එම මහතා කටයුතු කර ඇත.

එමෙන්ම හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා නව ආරක්ෂක ලේකම් ලෙස පත්කර තිබේ.

ඒ හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here