දළ පූට්ටුවා මැරූ පාපතරයින් යළි රිමාන්ඩ්

ගල්ගමුවේ “දළ පූට්ටුවා” නැමැති හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔවුන් ලබන 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහව අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතා නියෝග කර ඇති බව සඳහන්ය.
එමෙන්ම අදාළ සිද්ධියට පොල්පිතිගම ප්‍රදේශයේ විහාරාධිපති හිමි නමක් සහ ගල්ගමුව ප්‍රදේශයේ වාරි ඉංජිනේරුවරයෙකුද සම්බන්ධ  බවට අනාවරණය වී ඇති බව අධිකරණය හමුවේ අද ප්‍රකාශ වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here