තෙල් ටැංකි වලට දොස්තරලට තියෙන අමාරුව මොකද්ද?

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීම සම්බන්ධව ඇතිව තිබෙන ගැටලුකාරී තත්වය පිළිබඳව මේ වන විට රට තුල වැඩි කතා බහක් ඇතිව තිබෙනවා. බොහෝ දෙනා මේ පිළිබඳව විවේචනය කරන්නේ වෙනත් දේශපාලන පක්ෂ වල රාජ්‍ය විරෝධී මතයද තම සිත් තුල රඳවාගෙන බවයි අපට පෙනී යන්නේ.

මෙම ගැටලුව මුල් කරගෙන ඛනිජතෙල් සේවකයන් එක දිනක වැඩ වර්ජනයක්ද පැවැත්වුවා කෙසේ වෙතත් මෙම විරෝධතා වලට හේතුව රජය නිසි පරිදි ජනතාව දැනුවත් නොකිරීම බවද අපට පෙනී යනවා.

මෙම තෙල් ටැංකි සමුහය බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකර ඇති අතර ඉන් අනතුරුව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන දිරාපත් වෙමින් පවතිනවා. මේවායෙන් ප්‍රජෝජනයට ගනු ලබන්නේ ඉන්දියන් ඔයිල් සමාගමට බදු ගිවිසුම් මත ලබාදුන් තෙල් ටැංකි පමණක් වන අතර 1970 පමණ ඇමරිකානු සමාගමකට මෙම තෙල් ටැංකි බදු දීමට ජේ ආර් රජය තීරණය කරත් එදා ඒවා ඇමරිකාවට නොදී ඉන්දියාවට ලබා දෙන ලෙසට ජනතාව උද්ගෝෂණ පැවැත්වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් දිරාපත්වෙමින් යන මෙම තෙල් ටැංකි ඉන්දියාවට සින්නක්කර පවරා නොදෙන අතර ඒවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හවුලේ තබා ගනිමින් ඉන්දියාවට බදු දීම පමණක් සිදු කරන අතර කිසිවෙකුගේ අවධානයෙන් තොරව දිරාපත්වන මෙම ජාතික සම්පත රටට ආදායමක් ලබා ගැනීම සඳහා භාවිතා කිරීමට දේශපාලන වාසි ලබා ගැනීමට අවශ්‍ය පරාජිත දේශපාලන කණ්ඩායම් උත්සාහ දරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ඔහු දැක්වූ අදහස් පහතින් නරඹන්න…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here