තියුණු ආයුධයකින් පහරදී මවක් හා බිළිඳෙක් ඝාතනය කරයි

අහුංගල්ල , ඌරගහ පාරේ , ලෑලි ගේට්ටුව හන්දිය ආසන්නයේ බොරලුකැටිය ග්‍රාමසේවා වසමට අයත් සුමනාරාම පන්සලට යාබද නිවසක තිබී මවකගේ හා ළදරුවෙකුගේ සිරුරු හමුවී ඇති බව කොස්ගොඩ පොලීසිය පවසයි.

තියුණු ආයුධයකින් කපා මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තාවේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ මවක් සහ ඇයගේ දරුවා බවට අනාවරණ වී ඇත. කාන්තාවගේ වයස අවුරුදු 38 ක් වන අතර කුඩා පිරිමි දරුවාගේ වයස මාස 6 ක් බව සඳහන්වේ.

අද (9) දහවල් 2ට පමණ මිය ගිය කාන්තාවගේ දියණියක් පාසල් ඇරී ගෙදර පැමිණ නිවසේ කාමරයේ ඇදේ සිටි මවගේ ලේ සලකුණු දැක ප්‍රදේශවාසීන් දැනුවත් කළ ඇති අතර කොස්ගොඩ හා අහුංගල්ල පොලීසිය මේ සම්බන්ධ විමර්ශන කිරීමට පැමිණ ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

එමෙන්ම මිය ගිය කාන්තාව තිදරු මවක් වන අතර සැමියාගෙන් වෙන්ව සිටින බව හා ඇය වෙනත් සැමියෙකු සමඟ වාසය කරන බවත් අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොස්ගොඩ පොලීසිය සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here