තනි ආණ්ඩු කතාව බොරුවක්

මේ වන විට පැන නැගී ඇති දේශපාලන වාතාවරනය තුල විවිධ වූ පුවත් මවෙමින් තිබේ.ඒ අතර එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගෙන තනි ආණ්ඩුවක් පිහිටුවීමට යන පුවතක්ද වේ.

කෙසේ වුවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරන්නේ එලෙස කිසිදු තීරණයක් ජනාධිපතිවරයා විසින් මෙතෙක් ගෙන නොමැති බවයි.අප ඔවුන්ගේ කල විමසීමකදී පවසා සිටියේ මෙලෙස පැතිර යන පුවත් වල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඉදිරි දින කිහිපයදී ජනාධිපතිවරයා විසින් තීරණයක් ගනු ඇති බවය.

තවද මේ පිලිබදව කිසිදු සකාච්ජාවක් හෝ මේ වනතෙක් පවත්වා නොමැති අතර ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරි දේශපාලන තීරණය දැනුම් දෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියා.

ඒ අනුව මේ වන විට පැතිර යන එජාප තනි ආණ්ඩුවක් යන පුවත් මුළුමනින්ම අසත්‍යක් වන අතර ඉදිරියේදී ආණ්ඩු පක්ෂයේ දේශපාලන ගමන ජනාධිපතිවරයා විසින් ඉදිරි සතිය ඇතුලත ප්‍රකාශ කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here