ඩීල් ඇමතිලගෙන් පොලිසියට හා FCIDයට බලපෑම් – දූෂිතයින්ට දඬුවම් දෙන්න ජනපති සැරසයි

රාජපක්ෂ පාලන සමයේ සිදුව ඇති වංචා දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු නොවන බවට අද (04) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කර තිබෙනවා. මේ චෝදනාව එල්ලකර ඇත්තේ පසුගිය ජුනි 30 වැනිදා කාලය අවසන් වූ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡාවට ගත් අවස්ථාවේදීය.

ඉන්පසුව ජනපතිවරයා පවසා ඇත්තේ පසුගිය වසර එකහමාරක කාලය තුළ අදාළ කමිටු ලේකම් කාර්යාලය රාජපක්ෂ ආණ්ඩුවේ සිටි සුපිරි හොරුන් අල්ලා නැති බවත්, රාජපක්ෂවරුන්ගෙන් මිදී ශ්‍රීලනිපයට සහය දක්වන්නට ආ ප්‍රාදේශීය දේශපාලඥයින් 76 දෙනෙකුට නඩු පවරා ඇති බවයි. එහිදී තව දුරටත් ඉතා දැඩි ස්වරයෙන් කැබිනට් සාමාජිකයන් අමතා ජනාධිපතිවරයා අසා ඇත්තේ තමා විධායක බලතල භාවිතා කරමින් අධිකරණ, පොලිසිය සහ අනෙකුත් දූෂිත අමාත්‍යංශ වලට ඇඟිලි නොගසන නිසා පසුගිය රජයේ දූෂිතයන්ව ඩීල් දමා රකිනවාද යන්නය.

ගාමිණී සෙනරත් වැනි අය නීතියෙන් ගැළවී සිටින්නේ කෙසේදැයි සිරිසේන මහතා එහිදී ප්‍රශ්න කර ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුවට, පොලිසියට හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඉහල දේශපාලන අධිකාරියෙන් බලපෑම් ඇති බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

අවශ්‍ය නම් ඔවුන් ගෙන්වා මුහුණට මුහුණ තබා මේ සම්බන්ධයෙන් විමසිය හැකි බවද ජනපතිවරයා පවසා ඇත.

පොලිසිය, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා නීතිපති දෙපාර්තමේන්තුව දැනට ඇත්තේ එජාපය යටතේ බවත් පෙන්වා දී ඇති  සිරිසේන මහතා රාජපක්ෂ සමයේ දූෂිතයන් නීතිය හමුවට පැමිණවීමට පොලිසිය, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා නීතිපති දෙපාර්තමේන්තුව තුන්මසක කාලයක් ඉල්ලා සිටි බවද හෙළිවී තිබෙනවා.

දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය ගෙවී ගිය වසර එකහමාරක කාලය තුළ සිදුකළ කාර්යය පිළිබඳ
පසුගිය රජය සමයේ සිදුවූ වංචා, දූෂණ විමර්ශනය සඳහා එම කාර්යාලය ස්ථාපිත කෙරුණේ 2016 ජනවාරි මාසයේය. අවුරුද්දකට පමණ කාලයක් සඳහා ස්ථාපිත කෙරුණු එහි නිල කාලය පසුගිය ජුනි 30 දක්වා මාස 6ක පමණ කාලයක් 2017 ජනවාරියේදී දීර්ඝ කොට තිබිණි.

කෙසේ වෙතත් දැනට කැබිනට් සංශෙධනයන් සිදු නොකල අධිකරණ සහ පොලිසිය අයත් අමාත්‍යංශ රැසක් ඉදිරියේදී මෙම දූෂිත ක්‍රියාදාමය නිසා එහි අමාත්‍යවරුන් වෙනස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් ඒ සඳහා ලබන අගෝස්තු, සැප්තැම්බර් මස වන විට එහි වෙනස් කම් කිරීමට සූදානම් බවත්ය.

උපුටා ගැනීම : අන්තර්ජාලයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here