ඥානසාර හිමි අත්අඩංගුවට ගන්න කණ්ඩායම් 04ක් පරික්ෂණ සිදු කරනවා

සැගව සිටින බව කියන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 04ක් පරික්ෂණ ආරම්භ කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 මේ අතර ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූවන් සඳහා තමාගේ නම සහිත කෙසෙල්ගෙඩි පාර්සල බෙදාහැරීමේ කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙළට සම්බන්ධ පුද්ගලයින් මේ වන විට හඳුනාගෙන ඇති බව සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මෙහිදි කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න අමාත්යරවරයා ද අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here