ජුනි 1 සිට ගුවන් මගීන්ට නව නීති

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ගුවන් සේවාවන්ට ආරක්ෂාව සැපයීමේ අරමුණින් 2017 ජූනි මස 01 වන දා සිට නව ආරක්ෂක පටිපාටියක් ක්‍රියාත්මක කරන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරු එච්.එස්.හෙට්ටිආරච්චි මහතා පවසයි.

අද(24) දින ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

මෙම ආරක්ෂක වැඩ පිළිවෙළ අනුව ගුවන් මගියෙකුට තම අත් බෑගය තුළ ගෙන යා හැකි දියර වර්ග, ස්ප්‍රේ වර්ග හා ජෙල් වර්ගවලට අයත් ද්‍රව්‍ය ප්‍රමාණයන් මේ අනුව සීමා කෙරෙනු ඇත.

ජලය, බීම වර්ග, සුප් වර්ග, ජෑම් වර්ග, සෝස් වර්ග, තලප වර්ග හා දියර වර්ග ඇතුළු කාමර උෂ්ණත්වයේ පවත්වා ගෙන යා හැකි සාන්ද්‍රණයන් මෙම දියර වර්ග, වාෂ්ප ශිලී ද්‍රව්‍ය සහ ජෙල් වර්ග මෙම කාණ්ඩයන්ට අයත් වෙයි.

මෙම සියලු භාණ්ඩ ලීටරයකට නොවැඩි විය යුතු අතර දියර වර්ග සියල්ල 20*20 ප්‍රමාණයේ විනිවිද පෙනෛන නැවත වැසිය හැකි පොලීතීන් බෑග්වල ඇසුරුම් කළ යුතුයි.

ඒ අනුව එක් මගියෙකුට එවැනි බෑග් එකක් පමණක් රැගෙන යා හැකි අතර අමතර භාණ්ඩ ගුවන් ටිකට් පත් කවුළුව වෙත බාර දෙන ගමන් මලුවල අසුරා ගෙන යා හැකි බව ද මෙහිදි ප්‍රකාශ කෙරෙණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here