ජීවිත මෙන්ම දේපලද බිලිගත් දකුණේ ගංවතුර ඇතිවීමට ප්‍රධාන හේතුව හෙළිවෙයි! (Exclusive)

මේ දිනවල මෙරටට මුහුණ දීමට සිදුව ඇති ගංවතුර හා නායයාම් හා සම්බන්ධ අපදා තත්වය නිසා මහජනයා විශාල ලෙස අසරණ තත්වයට පත්ව තිබෙනවා. මෑත ඉතිහාසයේ කිසිදා නොවුන ලෙස මෙසේ ගංවතුර ඇති වීමට හේතුව වැඩි වර්ශාපතනයක් ඇති වීම බව සියලු දෙනා සිතුවත් දින දෙක තුනක වර්ශාපතනයකින් මෙවන් ව්‍යසනයක් ඇති විය හැකිද යන්න සියලු දෙනාටම ඇතිවන ගැටළුවක්.

මෙවන් ගංවතුරක් ඇතිව තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම වැස්ස නිසා ඇද වැටෙන ජලය බැසයාමට ඇති මාර්ග අවහිර වීමයි. මෙසේ ජාල මාර්ග අවහිර වීම කෙරෙහි බලපෑ ප්‍රධාන කාරණය ලෙස පසුගිය කාලය තුල කිසිදු පරිසර අධ්‍යනයකින් තොරව සිදුකල තිරසාර නොවන සංවර්ධනය බව සියලුදෙනාම පිළිගන්නා කරුණකි.

අද මේ ප්‍රදේශ ගනානාවක් යට කරමින් ගංවතුර ගැලීමට බලපෑ ප්‍රධානතම හේතුව දක්ෂිණ අධිවේගී මාර්ගය පරිසරයට අනුකුල නොවන ලෙස ඉදිකිරීම බව කිවහොත් බොහෝදෙනා එය දේශපාලනිකව ගෙන එකහෙලා ප්‍රතික්ෂේප කරනු ඇත. නමුත් කරුණු කාරනා විමසා බැලුවහොත් එම කතාව ඇත්ත බව සැමට වැටහී යනු ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර දක්වා දිවෙන විට ගංගා ඇල දොළ රාශියක් පසු කරමින් ගමන් කරනු අපට දක්නට ලැබෙනවා එමෙන්ම ජලය බැසයන පහත්බිම්ද පසු කරමින් මෙසේ දිවෙන මාර්ගය සකස් කිරීමේදී කල ප්‍රධාන වරදක් ඉංජිනේරුවන් හෙළි කරනවා එනම් මෙම මාර්ගය ඇස්තමේන්තු වලට අනුව ඉදිකල යුතුව තිබුනේ කොන්ක්‍රීට් කණු මත වුවත් එය එසේ ඉදි නොකර වියදම අවම කිරීම සඳහා පස් දමා ඒවා තලමින් අත්‍යවශ්‍ය ගංගා සහ ඇල මාර්ග වලට පමණක් එසේ කණු දමා සකස්කළ බවයි. මේ හේතුවෙන් සාමාන්‍ය පරදී ගලා යන ජල මාර්ග වල ජලය බැස ගියත් ජලය වැඩි වූ විට ඒවා සාමාන්‍ය ඇල මාර්ග වලින් උතුරා ගිය පසු ඒවා ජලාශ වල බැම්මට ජලය එකතු වනවාක් මෙන් අධිවේගී මාර්ග බැම්මට ජලය එකතු වි මෙසේ මහා ගංවතුර ඇති වන බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

මෙම කේධවාචකයට ප්‍රධාන හේතුව මේ අනුව අධිවේගී මාර්ගය නිසි තාක්ෂනය අනුව ඉදි නොකිරීම බව පිළිගැනීමට අපට සිදුවනවා. කෝටි ගණන් වැඩි වැඩියෙන් මහජන මුදල් මෙම ව්‍යාපෘතිය සඳහා වියදම් කරන බව පෙන්වමින් බාල තත්වයෙන් ඒවා ඉදිකර ඉතුරු මුදල් තමන්ගේ සාක්කුවට දමාගත් රාජපක්ෂ පාලනය අද මේ සිදුවන ව්‍යසනයන් දෙස කිඹුල් කඳුළු හෙලමින් මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ රෙදි ඇඳගෙනද යන්න ජනතාව ලෙස අප සන ප්‍රශ්නයයි.

තිරසාර නොවන ලෙස සංවර්ධනය මුවාවෙන් මේ කල බොරු සහ අදුරදර්ශී සංවර්ධනයෙන් පීඩා විඳින්නේ අහිංසක මහජනතාව බැවින් ඉදිරි සංවර්ධන කටයුතු හෝ තිරසාර ලෙස හා ජනතාවට ප්‍රයෝජනවත් ලෙස සිදු කරීමට කටයුතු කල යුතුය.

අධිවේගී මාර්ග සෑදීම අතිශයෙන්ම වැදගත් කරුණකි.ගංවතුරත් සමඟ අධිවේගී මාර්ගය ගැන කතා කරන වාර ගණන වැඩි වී ඇත. දොඩංගොඩ සිට ගැලනිගම දක්වා කොටස ජලයෙන් යටවීම නිසා අධිවේගී මාර්ගයේ එම කොටස වසා දැමීමටද සිදුවිය.එමෙන්ම කඩුවෙල ,බියගම මෙන්ම ගොඩගම හුවමාරුවද ජලයෙන් යටවිණි.
කඩුවෙල නගරය ගිය වසරේ ගංවතුර තත්වය ඇතිවන තෙක් මෙතෙක් කාලයකට පැමිණි කිසිදු ගංවතුරකින් යටවුණු බවට අසා නැත.

කඩුවෙල නගරයට මෙන්ම නිතර ගංවතුර ඇති නොවනා අනෙකුත් ගංවතුරින් බලපෑ ප්‍රදේශයන්ට මෙම දරුණු ගංවතුර තත්වය ඇතිවන්නේ අධිවේගී මාර්ගය ඉදීවීමත් සමඟය.කොමිස් මුදල් වැඩි වශයෙන් ගැසීම හා හුදෙක් අධිවේගයක් නිර්මාණය කිරීම පමණක් අරමුණු කරගත් පාලකයන්ට අධිවේගී මාර්ගයේ ප්‍රමිතිය හා පාරිසරික සාධකයන් මෙන්ම නිසි පරිදි අධිවේගී මාර්ගය නිමනොකීරීම හේතුවෙන් ඇති විය හැකි අනිසි ප්‍රතිපලය පිළිබඳ කිසිදු අවධානයකින් තොරව නිසි ශක්‍යතා පාරිසරික වාර්තා අධ්‍යයනයෙන් තොරව සිදුකල අධිවේගී මාර්ගයේ අවසානය මෙයයි.

ස්වභාවික පරිසරය ගොඩකිරීම මෙන්ම ජලය බැසයාමේ නිසි ක්‍රමවේදයක් සැක සීම තුල ස්වාභාවික ජලය බැසයන ප්‍රදේශයන්ට ජලය බැසයාම වලක්වමින් හා බාධාවන ආකාරයෙන් අධිවේගී මාර්ගය සැදීම සඳහා බිම ඔසවා පස්පුරවා සැකසීම තුලින් මෙම තත්වය ඇති වී තිබේ.

නිසි ආකාරයෙන් සැලසුම් කලානම් අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමීමට සිදු නොවනු ඇත එමෙන්ම මෙවැනි දරුණු ගංවතුර තත්වයක් ඇති නොවනු ඇති බව විශේෂඥයන්ගේ මතයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here