ජන ජීවිතය යළි ගොඩ නගන්න හමුදාව දැඩි වෙහෙසක (PHOTOS)

දිස්ත‍්‍රික්ක 15කට බලපා ඇති ආපදා තත්ත්වයන් හේතුවෙන් මිය ගිය පුද්ගලයන් ගණන 177ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පුද්ගලයන් 109 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි.

පවුල් එක් ලක්ෂ පනස් එක්දහස් තුන්සිය අනූ දෙකක පුද්ගලයින් පන්ලක්ෂ පනස් හත්දහස් පන්සිය පස් දෙනෙකු ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව සිටිනවා.

ආපදාවලට ලක් වූ ප‍්‍රදේශවල බිඳ වැටුණු විදුලි සැපයුම් යළි ලබා දීමට කඩිනමින් කටයුත කරන බව විදුලි බල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා.

ආපදාවට ලක්වූ විදුලි පාරිභෝගිකයන්ට සහන රැසක් ලබා දෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පීඩාවට පත් වූවන්ට සහන සැළසීම සඳහා යුද, ගුවන් සහ නාවික හමුදාව අද දිනයේද සහන මෙහෙයුම්වල නිරත වුණා.






































LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here