ජනපති වෑයම සාර්ථකයි GSP+ බදු සහනය නැවතත් ලංකාවට – නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ (Video)

යුරෝපා කවුන්සිලය විසින් පනවා තිබූ මත්ස්‍ය තහනම ඉවත් කර ඇති බවත්, GSP+ සහනය එළඹෙන සිකුරාදා දින සිට ලැබෙන්නේ නම් ඊට පසු දින සිට මත්ස්‍ය අපනයනය සඳහා සියයට 18 ක් දක්වා පනවා තිබු තීරු බදු සියල්ල ඉවත් වෙන බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
GSP+ බදු සහනය නැවතත් ලංකාවට ලබා ගැනීමේ කර්තව්‍යයේදී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අතිමහත් කැපවීම හා උත්සාහය පිළිබඳව සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (17) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් නියෝජ්‍ය විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අදහස් දැක්වූවා..
GSPප්ලස් සහනය ලැබීම තුළින් ‍යහපාලන ආන්ඩුවේ ඡන්ද පොරොන්දුවක් ඉෂ්ඨ කර ඇති බවත් ඒ හරහා බොහෝ භාණ්ඩ සඳහා අපනයන වෙළඳ පොළ තුළ තිබු තීරු බදු ඉවත් කර ගැනීමට හැකියාව ලැබී ඇති බව ද හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here