ජනපති මෛත්‍රී අගමැති ටර්න්බුල් හමුවෙයි – ද්වී පාර්ශවීය සාකච්ඡා සාර්තකයි රටට වාසි රැසක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය, මැල්කම ටර්න්බුල් මහතා හමු වූ අතර ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්වී පාර්ශවීය සාකච්ඡා පැවැත්වීය.
මෙහිදී දෙරට අතර 70 වසරක් පුරා පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා වල නව පිටුවක් පෙරලමින් දෙරට අතර සහයෝගිත්වය තර කරවන හා දෙරටටම වැදගත්වන ද්වි පාර්ශවික ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබුණා.මේ අතර ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය , කිරි නිෂ්පාදනය සහ පතල් කර්මාන්තය ඇතුළුව තවත් ක්ෂේත්‍ර කීපයක ආයෝජන පිළිබඳව ඕස්ට්‍රේලියාවේ අවධානය දැනට යොමුව ඇති බව ඕස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි.
ජනාධිපති මෛත්‍රීගේ ඕස්ට්‍රේලියානු සංචාරය මගින් දෙරට අතර ද්විපාර්ශ්වීය සම්බන්ධතා විශාල පරිමාණයකින් ඉහළ යනු ඇතැයි එම සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය තවදුරටත් පවසා සිටියා.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙක් ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වන්නේ වසර හැටක පමණ කාලයකට පසුව වන අතර හිටපු අගමැති ජෝන් කොතලාවල මෙයින් දශක හයකට පෙර ඕස්ට්‍රේලියාවේ නිලසංචාරයක නිරත වූ ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා වන අතර ඔහු එම සංචාරයේ නිරත වී ඇත්තේ ‘කොළඹ ක්‍රමය’ (Colombo Plan) ආර්ථික සැලැස්ම ආරම්භ කරනු ලැබීමෙන් පසුවයි.ඔස්ට්‍රේලියාව ‘කොළඹ ක්‍රමය’ (Colombo Plan) ආර්ථික සැලැස්මේ ඉදිරි පෙළේ සාමාජික රාජ්‍යයක් විය.’කොළඹ ක්‍රමය’ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවර්ධනය ඇතුළු සංවර්ධන ව්‍යාපෘතීන් කීපයකට දායක වී ඇත.
“කොළඹ ක්‍රමය” සමුළුවෙන් පසුව මෙරටට ලැබෙන සුවිසේෂි වාසි සහ ආයෝජන රැසක් ජනාධිපතිවරයාගේ මෙම සංචාරයෙන් පසුව ලැබෙන බවයි එහි සිටින වාර්තාකරුවන් හා අන්තර්ජාතික විචාරකයන් පවසන්නේ. ජාත්‍යන්තරය තුල කොන්වී සිටි අපේ රට රටක් ලෙස ජාත්‍යන්තරය තුල ඉහලට ඔසවා තබන “මාහාද්විප යා කරන මෛත්‍රී මාවතේ” තවත් එක සුවිසේෂි සංදිස්ථානයක් ලෙසටද මෙම සංචාරය හඳුන්වා දීමට හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here