ජනපති මහනුවර සුද්ධ කරයි! (Video)

    ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාප්ති උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු “පරිසරය පූජනීයයි” පාරිසරික සත්කාර වැඩසටහන අද (02) උදෑසන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දළදා මාළිගාව අභියසදී ආරම්භ කෙරුනා.

    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ අදහසකට අනුව මධ්‍යම පළාත් සභාව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිඛෙන අතර මහනුවර නගරයේ විශේෂ ස්ථාන පිරිසිදු කිරීම මේ යටතේ සිදු කෙරෙනවා.

    ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දෑත් සෝදා පිරිසිදු කිරීමේ උපකරණ දෙකක් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත භාරදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. 

    අනතුරුව ඊයේ දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය පැවැත්වුණු මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිතුමා මැති ඇමතිවරු සමග ක්‍රිඩාංගණය සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතු වලට ද එක් වුණා.

    අමාත්‍යවරුන්වන මහින්ද අමරවීර, එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ආණඩුකාර නිලූකා ඒකනායක යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. 

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here