ජනපති ප්‍රධානත්වයෙන් කැන්බරා නුවර වැඩසටහන් රැසක් (PHOTOS)

ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැන්බරා නුවර පැවති වැඩසටහන් රැසකට අද (24) එක්වුණා.

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ද්වි පාර්ශවික සබඳතාවල සුවිශේෂී සන්දිස්ථානයක් සනිටුහන් කරමින් ජනාධිපතිවරයා එරට නිල සංචාරයක නිරත වන්නේ ඕස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ ආරාධනයකට අනූවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැන්බරා නුවර පිහිටි විද්‍යා හා නවෝත්පාදන රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ද අද එක්වුණා.

සිය සංචාරය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා එහි මහෝගනී පැලයක් ද රෝපණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

අනතුරුව ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සහයෝගයෙන් ස්ථාපිත කර ඇති ආහාර ද්‍රව්‍ය පර්යේෂණාගාරය නැරඹීමට ද එක් වුණා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා කැන්බරා නුවර පිහිටි සූර්ය ශක්ති බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

පසුව කැන්බරා නුවර පිහිටි කම්බා බෞද්ධ විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි දී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප‍්‍රජාව සමග සුහද හමුවකට ද එක් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here