ජනපතිගේ වෑයමෙන් වෙසක් අසිරිය මැද්දේ ශ්‍රී ලංකාවට GSP+ 

යුරෝපා විදේශ සහ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීමට යුරෝපා විදේශ සහ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලය  අනුමැතිය ලබා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත. 

මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ ප්‍රතිපත්තිය සෘජු ලෙසම හේතු වූ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජර්මනියේ සිදුකළ නිල සංචාරයේදී ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මියගෙන් සිදුකළ ප‍්‍රධානම ඉල්ලීම වූයේ GSP+ සහනය නැවත ශී‍්‍ර ලංකාවට ලබාදීමට සහය වන ලෙසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා ගැනීමේ අවසන් කඩුල්ල ලෙස මෙම අනුමැතිය සැළකිය හැකි බවයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here