ගෝල්ෆේස් පුරවපු හැටි කියාදී හරින් බන්දුල ආචාර්ය තුමා අසරණ කරයි! (Video)

ගෝල්ෆේස් හි පිහිටි මැයි රැලිය සඳහා ලක්ෂ 20 ජනතාවක් සහභාගී වූ බවට ආර්ථික විශේසඥ බන්දුලගුණවර්ධන මන්ත්‍රී වරයා අසරණ කරනු අපට දකින්නට හැකියාව ලැබුනේ දෙරණ රුපවාහිනියේ වාදපිටිය වැඩසටහන අතරතුරදීය.

මෙහි ඇති හාස්‍යජනකම කාරණය නම් කොළඹ දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය ලක්ෂ 23ක් පමණ වන අතර එහි කුඩා දරුවන් තරුණයන් මෙන්ම මහලු ජනතාවද ඇතුලත් වේ. ඒකාබද්ධ විපක්ෂය පවසන පරිදි මුළු කොළඹම ජනතාව ගෝල්ෆේස් පිටියට පිරවිය යුතුයඑය කෙතරම් මෝඩ කතාවක්ද? මොවුන් මේ රවටන්නට උත්සාහ දරන්නේ මේ රටේ ජනතාව නොවේද?

තවද ජනතාව ලක්ෂ 20 ගෙන එමටනම් අඩුම ගන්නේ එක් බසයකට මගීන් 60ක් පමණ දැමුවත් බස් 33000ක් පමණ අවශ්‍ය වේ නමුත් ලංකාවේ පවතින්නේ පුද්ගලික බස් රථ 18,000ක් පමණක් බැවින් ඔවුන්ගේ බොරුව අතේ මාට්ටු වි අවසන්ය.

බන්දුල ගුණවර්ධන වැනි පුද්ගලයකු මෙසේ පැවසීම එක අතකින් පුදුමයක්ද නොවන්නේ ඔහු 2500ක මුදලකින් මාසයක් ජීවත් වීමටද හැකි බව බලයේ සිටියදී පැවසු බැවිනි.

කෙසේ වෙතත් හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙම කරුණු පවසන විට බන්දුල මන්ත්‍රී වරයා අපහසුතාවයට පත්වුයේ මෙන්න මෙහෙමයි. එය මේ වීඩියෝවෙන් හොඳින් බලා ගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here