ගාල්ල දිස්ත්‍රික්කයේ එක්ලක්ෂ 28,000ක් අවතැන්

ආපදා තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්ලක්ෂ 28,000ක පිරිසක් අවතැන්ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකුද අතුරුදන් වී ඇති බව අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා අද දෙරණට කියා සිටියේය.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය  තවදුරටත් පවතින බව අද දෙරණ ප්‍රාදේශීය වාර්තාකරු පවසයි.

ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here