ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් ජනපති නිල නිවස අසල සකාච්ජාවක් ඉල්ලා හඩා වැළපෙයි.සාකච්ජා නැ.ජනපති කියයි.

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බැවින් එම සේවාවට සම්බන්ධ සියලුම සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම්දී තිබුනේ අද උදෑසනයි.

ඊට අමතරව ඛනිජ තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට පත් කර ඇති බැවින් එම කටයුතුවල නිරත වන අදාළ බවුසර්වලට නැවත ඉන්ධන ගබඩාවට පැමිණෙන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක රංග කලන්සුරිය මහතා අද උදැසන ප්‍රකාශ කර සිටියා.

ඊයේ මධ්‍යම රාත්‍රියේදී ඛනිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කමින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමග යුධ හමුදාව තෙල් ගබඩා සංකීර්ණය අත්පත් කරගත්තා.

ඒ අනුව ක්‍රියාත්මක වූ යුධ හමුදාව මේ වනවිට පළමු බවුසරය පැය එකහාමාරක් ඇතුලත කොලොන්නාව , සපුගස්කන්ද සහ මුතුරාජවෙල , අනුරාධපුර තෙල් ගබඩා සංකීර්ණ වලින් පිටත් කිරීමට සුදානම් බව යුධ හමුදාව පවසා සිටියා.

මෙම කටයුතු සිදුවන අතරවාරයේ ඛනිජතෙල් වෘත්තීය සමිති නායකයින් තිදෙනෙක් ජනපති නිල නිවසේ ගේට්ටුව අසලට වී සිටිනවා.

ඔවුන් එම ස්ථානයට වී ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා සමග සකාච්ජාවක් ලබා දෙන ලෙසයි.එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කිසිදු සකාච්ජාවක් ඔවුන් සමග නොමැති බවත් අවශ්‍යනම් වර්ජනය අවසන් බවට දැනුම් දීමට පමණක් තමන් හමුවිය හැකි බවත්ය.වෙනත් කිසිදු සකාච්ජාවකට ජනාධිපතිවරයා සුදානම් නොමැති බව ජනපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here