කැබිනට් සංශෝධනයේ බාලගිරි දෝෂ අවසන් – කැබිනට් සංශෝධනය සඳුදා..?

ඇමැති මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.අවස්ථා ගණනවකදි කල් දැමුනු ඇමැති මණ්ඩල සංශෝධනය මේ දින දෙක තුල අනිවාර්යයෙන්නම් සිදු කිරිමට දෙපාර්ශවයේම එකඟ වි තිබේ.

ඒ අනුව ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඕස්ට්‍රේලියා සංචාරය සඳහා මෙරටින් පිටත්ව යාමට ප්‍රථම සිදුකරනු ඇත.

ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ පූර්ණ එකඟතාවය මත කෙරෙන ඇමැති මණ්ඩල සංශෝධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේද අමාත්‍ය ධුරවල වෙනස්කම් කීපයක් සිදුවීමට නියමිතය.ඉදිරි දෙවසර තුළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ආර්ථිකකරණයට ලක් කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස වත්මන් මුදල් අමාත්‍යවරයාට කැබිනට් සංශෝධනයේදී විදේශ කටයුතු අමාත්‍ය ධුරය පිරිනමනු ඇති බවටද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here