එදා සහ අද මහින්ද රාජපක්ෂ ? ( Video)

හිටපු ජනාධිපති සහ වත්මන්  කු.පා.මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද පන්සල්, මල ගෙවල්, මැයි දින සහ තවත් වේදිකාවන් මත සිට ආණ්ඩු පෙරලීමට දින වකවානු ප්‍රකාශ කරමින් සිටිනු අපට දක්නට ලැබේ. කෙසේ වෙතත් 1945 වසරේ උපන් රාජපක්ෂ මහතාට දැන් වයස අවුරුදු 71කි මීළඟ මැතිවරණය වනවිට ඔහුගේ වයසත් සමග මෙරට නායක ධුරයක් දැරීමට හැකියාවක් ඇතිදැයි සිහි නුවනින් සිතිය යුතු කරුණකි. වයසට යත්ම ඔහු කියනා කතාන්දර එතරම් සිහි නුවනින් කියන ඒවා නොවන බව පසුගිය මැයි රැලියේ ඔහු සිදුකල කතාව හොඳින් අසුවකුට හොඳාකාරවම තේරුම් ගැනීමට අපහසු නොවනු ඇත (සැ.යු: පාට කන්නාඩි ගලවා හොඳ සිහියෙන් ඇසුවහොත් පමණි)

ජනාධිපතිවරණයෙන් පරාජය වී (ඉල්ලාගෙන කෑමෙන් අනතුරුව) කිහිපදිනකින් රාජපක්ෂ මහතා කියා සිටියේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපතිකම භාරදී යන බවත් ඔහුට රට සාර්ථකව කරගෙන යාමට සියලු සහයෝගය ලබාදෙන ලෙසත්ය. එසේ කියූ රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයද වත්මන් ජනාධිපතිවරයාවෙත ලබාදී ගියත් අද ආණ්ඩු පෙරලීමට පෝය සහ දින ගනිමින් මේ කරන්නේ වෙනත් අය බලයට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුවක්දැයි අපට සැක සිතේ…

මෙසේ කඩේ යමින් විකාර කියමින් තමන්ගේ ප්‍රතිරූපය තවත් නැති කර නොගෙන සිටින්නේනම් එය රටට මෙන්ම ඔහුටද සුභ අනාගතයක් වනු ඇත.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමන්  වත්මන් ජනාධිපතිතුමන්ට සහයෝගය දෙන ලෙස                                 ඉල්ලා සිටි වීඩියෝව පහතින් නරඹන්න…



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here