එජාපයේ තුන පස්සට ගියොත් රට ඉස්සරහට – එජාප ප්‍රබල ඇමති කියයි

ඇමැති මණ්‌ඩල සංශෝධනය අනිද්දා (19 දා) පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.

මේ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඊයේ (16 දා) කළ විමසුමකදී එහි ප්‍රකාශකයෙක්‌ කියා සිටියේ වෙනස්‌කම් සිදුවන ඇමැති තනතුරු සම්බන්ධව තමන්ට කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බවත් ඇමැති මණ්‌ඩල සංශෝධනය 19 වැනිදා සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත්ය.

මෙම ඇමැති මණ්‌ඩල සංශෝධනය මෙම සතිය ආරම්භයේ සිදුකිරීමට නියමිතව තිබුණත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ සංචාරයක නිරතව සිටි නිසා එය ප්‍රමාද වූ බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

මේ අතර ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී තමන් දැනට දරන ඇමැති ධුරවල වෙනසක්‌ සිදුකළහොත් ආණ්‌ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු තිදෙනෙක්‌ තීරණය කර ඇත.

ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී තමන් දැනට දරන ඇමැති ධුර වෙනස්වුනොත් ආණ්‌ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරු තිදෙනෙක් තීරණය කර ඇත්නම් ඔවුන් රට හෝ පක්ෂය ගැන නොසිතන තමන් ගැන පමණක් සිතන අය විය යුතු බව එජාප ප්‍රබල ඇමතිවරයෙක් අප සමඟ පැවසීය.

එසේම එවැනි අය එසේ ධූරවලින් ඉවත්වීම පක්ෂයට මෙන්ම රටට ඉදිරියට යාමට සුභවාදී තත්ත්වයක් බවද ඔහු කීය.

උපුටාගැනීම SrilankanMirrior

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here