එජාපයෙන් මෛත්‍රීට එරෙහිව විශ්වාසභංගයක්. එජාපය, දෙමල ජාතික සන්දාන සමග අලුත් ආණ්ඩුවක්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එම පිලිබදව සාකච්ජා පවත්වා තිබෙනවා.ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ කරුණු පිලිබදව ඔවුන් මෙහිදී සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ.බැදුම්කර ගනුදෙනුව පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම විසින් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කරන පරීක්ෂණ හේතුවෙන් මෙලෙස එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් විසින් මෙම තීරණය ගෙන ඇත.

තවද එක්සත් ජාතික පක්ෂයේ එම කණ්ඩායම දැනට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉවත් කර ඒ වෙනුවට දෙමල සන්ධානයට බලය බෙදීම පිළිබද පොරොන්දුවක් ලබා දෙමින් ඔවුන්ගේ සහය ගෙන නව ආණ්ඩුවක් ගෙන ඒමටද සාකච්ජා පවත්වා තිබෙනවා.

දෙමළ සංධානය සමග එම සාකච්ජා පවත්වා ඇත්තේ එම්.ඒ. සුමන්දිරන්ගේ සහය ඇතිවය.එම්.ඒ. සුමන්දිරන් හට මිලග මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය විසින් පොරොන්දු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here