ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා විදුහල්පතිනියකට හිංසා කළ බවට ස`දහන් සිදුවීම පිළිබ`ද කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනපතිගෙන් පොලිස්පතිට උපදෙස් …

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දිස්ති‍්‍රක්කයේ විදුහලක විදුහල්පතිනියකට හිංසා කළ බවට ස`දහන් කෙරෙන තොරතුරු සහ පොලීසියට කර ඇති පැමිණිලි අනුව ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පු`ථල් පරීක්ෂණයක් වහාම සිදුකරන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම මෙම පරීක්ෂණය අපක්ෂපාතීව සිදුකිරීම ස`දහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු ඌව පළාත් ආණ්ඩුකාරවරයා යටතට පත්කරගන්නා ලෙස ද ජනාධිපතිතුමා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත උපදෙස් ලබා දී ඇත.
මේ පිළිබ`ද සිදුකෙරෙන අපක්ෂපාතී පරික්ෂණ වාර්තාවේ ස`දහන් කෙරෙන ඕනෑම නීතිමය කි‍්‍රයාමාර්ගයක් කඩිනමින් ගන්නා ලෙස ද ජනාධිපතිතුමා පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2018-01-21

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here