උමා ඔය ව්‍යාපෘති වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ජනපති අතට

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරි  දින කිහිපය තුළ ජනාධිපතිවරයා වෙත ලබාදීමට කැබිනට් අනු කමිටුව තීරණය කර තිබේ.


උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා කැබිනට් අනු කමිටුවක් පත් කරනු ලැබීය.


මහින්ද අමරවීර, පාඨලී චම්පික රණවක, විජිත් විජේමුණි සොයිසා යන අමාත්‍යවරුන් තිදෙනාගේ ප්‍රධානත්වයෙන් පත් කළ අදාළ කමිටුව පසුගිය සඳුදා දිනයේ උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයාබැලීමට බණ්ඩාරවෙල නගරයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.


එහිදී උමා ඔය ව්‍යාපෘතිය බාර නිළධාරීන් සමඟ මෙන්ම මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සමඟ ද සාකච්ඡා කර අදහස් ලබාගෙන තිබේ.


ඒ අනුව උමා ඔය ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය සහ ඉදිරියේදී ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් සකස් කර කඩිනමින්  ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here