උදයංග වීරතුංග ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට..!

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ජාත්‍යන්තර පොලීසිය විසින් ඒ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම ඒ මහතාව ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

මේ අතර අද(04) පෙරවරුවේ උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපලේ දී ප්‍රශ්න කිරීමකට ලක්ව තිබුණි.

ඒ මහතාගේ පවුලේ සාමාජිකයින් සඳහන් කළේ උදයංග වීරතුංග මහතා අමෙරිකාව බලා පිටත්ව යාමට ඩුබායි ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ මෙලෙස ප්‍රශ්න කිරීමට ලක්ව ඇති බවයි.

මිග් යානා ගනුදෙනුවට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ල වී තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා කටයුතු කරමින් සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here