උදයංග වීරතුංගගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය භාවිත කිරීමට නොහැකි වන සේ අධිකරණ නියොගයක්

යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංගට අයත් රාජ්‍ය තාන්ත්‍රික හා සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රය භාවිතා කිරීමට නොහැකි ආකාරයට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගයක් නිකුත් කළා.

ඒ 2009 වසරේ යුක්රේන් රජයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 යානා 7ක් මිලදී ගැනීමේදී සිදුවූ යැයි කියන ඩොලර් මිලියන 14ක මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රගති වාර්තා අධිකරණය හමුවේ අද ඉදිරිපත් කළ අවස්ථාවේ.

මේ වන විට උදයංග වීරතුංග මහතාට විරුද්ධව ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තුවක්ද මෙම අධිකරණය මගින් ඉිදිරපත් කර තිබෙනවා.

FCID අධිකරණයට කියා සිටියේ උදයංග වීරතුංග නි. අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ජපානයේදී හමුවී ඇති බවට ලැබුණු තොරතුරක් අනුව ඔහුගෙනුත් පසුගියදා ප්‍රකාශයක් ලබා ගෙන තිබෙන බවත් එහිදී අරුන්දික ප්‍රනාන්දු නි. අමාත්‍යවරයා විසින් උදයංග වීරතුංග හමුවූ බව තහවුරු කළ බවද අධිකරණය හමුවේ කියා සිටියා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here