ඉන්දීය අගමැති ලංකාවට පැමිණෙයි

ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගි වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණියා.

අප ගුවන්තොටුපල වාර්තාකරු  සඳහන් කළේ අද (11) පස්වරු 5.40 ට ඉන්දීය අගමැතිවරයා කටුනායක ගුවන්තොටුපලට පැමිණි බවයි.

ඉන්දීය අගමැතිවරයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මෙන්ම මැති ඇමතිවරුන් රැසක් ද ගුවන්තොටුපල වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ. 

ඉන්දියාවට අයත් විශේෂ ගුවන්යානයකින් නරේන්ද්‍ර මෝදි දිවයිනට ළගාවු අතර ඔහු සමග 65 කින් යුත් දුත පිරිසක් ද පැමිණ සිටින බවයි සඳහන් වන්නේ. 

අද රාත‍්‍රියේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන විශේෂ පිංකමකටද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී විමට නියමිතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here