ඇලෝසියස් හිරේ සිට ප‍්‍රබලයෙකුට අමතයි.. බැදුම්කර හොරකම කල හැටි සල්ලි බෙදු හැටි කියන බවට තර්ජනය කරයි..

මහ බැංකු බැදුම්කර චෝදනාව මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස් විසින් බන්ධනාගාරය තුල සිට දේශපාලන ප‍්‍රබලයෙකුට දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන් පලවෙයි.

තමන් පමණක් නිරපරාදේ දඩුවම් විදින්නේ නම් සියළු තොරතුරු හෙලි කරන්නේ යයිද ඔහු සදහන් කර ඇති බව සදහන්ය.

බැදුම්කර මගඩිය සිදු කල ආකාරය ඒ සදහා වූ දේශපාලන මැදිහත්වීම මෙන්ම බැදුම්කර මුදලින් උපයා ගන්නා ලද මුදලින් සිදු කල දේවල්ද හෙලි කරන්නේ යයි එහිදී දන්වා ඇති බව සදහන්ය.

ඇලෝසියස් විසින් අමතා ඇත්තේ බැදුම්කර චෝදනාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ප‍්‍රබලයෙකුට බවම සදහන් අතර ඔහු විසින් මේ සම්බන්ධයෙන් බැදුම්කර මගඩියට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට දන්වා ඇතැයිද දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here