ඇමති සංශෝධනයේ නාම ලේඛණය මෙන්න

ඇමැති මණ්ඩල සංශෝධනය ලබන  සඳුදා (22) සිදුවන බව වාර්තා වනවා.

මේ වන විට සියලුම ඇමැති මණ්ඩල සාමාජිකයන්ට එදින උදෑසන 8.30 වන විට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස දැන්වීමට කටයුතු කර ඇති බවයි ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකුගේ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

රවී කරුණානායක, මංගල සමරවීර ,අර්ජුන රණතුංග, ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, රංජිත් සියඹලා පිටිය ,දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, සාගල රත්නායක, මහින්ද අමරවීර යන ඇමතිවරුන්ගේ ධුර නියත වශයෙන්ම මෙහිදී වෙනස් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේවන විට මෙම ඇමැති සංශෝධනය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙන බව පැවසුනත් එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග එය ප්‍රතික්ෂේප කළා.

ඇමති මාරුව තමන්ට බලපෑවහොත් දැඩි තීරණයක් ගැනීමට ප්‍රභල අමාත්‍යවරු තිදෙනෙක් බලාපොරොත්තුවෙන් සිටින බව ද එහිදී පැවසුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here