ඇමතිකම රැකගන්න ඇමති කෙනෙක් මල්වතු නාහිමි හෙට බැහැදකියි !

ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් සිය ධූරය බේරා ගැනීමට හෙට (21) මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක හිමි බැහැ දැකීමට සූදානම් වන බව වාර්තා වේ.

ලබන සඳුදා පූර්ණ කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිත බවත්, එහිදී අදාළ ඇමතිවරයා ඔහු මේවන විට දරන ප්‍රබල අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට සැලැසුම්කර ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා අද (20) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර බ්‍රැඩ්බි පළිහ කුසලාන රග්බි පළමු තරගය නැරඹීමට ගොස් සිටි බවද වාර්තා වේ.

ඔහු රාජකීය විදුහලේ ආදිසිසුවෙකි.

තැන රැකගන්න නාහිමිවරුන්ට වෝල්වෝත් පූජා කළා

එම ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා සිය අමාත්‍ය ධූරය ආරක්ෂාකර ගැනීමට මීට පෙර වෝල්වෝ මෝටර් රථ 5ක් මහ නාහිමිවරුන්ට පූජා කර තිබිණි.

කෙසේවුවද, මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක හිමි එසේ පූජා කළ වොල්වෝ මෝටර් රථය ප්‍රතික්ෂේප කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here