අලුත් මාධ්‍ය ලේකම් සමරතුංග – බෝපගේට නව පත්වීමක්?

නව කැබිනට් සංශෝධනයෙන් පසුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ජනමාධ්‍ය අමාතංශයේද ලේකම්වරයා ලෙස පත්වී තිබේ.

මේ අතර අප කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ මහතා කියා සිටියේ තමාට නව පත්වීමක් සම්බන්ධයෙන් තවමත් දැනුම්දීමක් නොමැති බවයි.

කෙසේ වෙතත් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා, මේවන විට නව ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සමග නව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින බව බෝපගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරි කාලයේදී තමාට නව පත්වීමක් ලැබෙනු ඇති බවට බෝපගේ මහතා විශ්වාසය පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here