අයියා මලෝ සෙල්ෆි ලොවින් පර ලොවට !

කොල්ලුපිටිය මුහුදුබඩ දුම්රිය මාර්ගය ආසන්නයේ සිට ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි එකම පවුලේ අයියා මල්ලී ඊයේ (11 වැනිදා) සවස 6.15 ට පමණ කොළඹ කොටුව සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ හැපී මරුමුවට පත්ව ඇත.

දුම්රියේ ගැටුණු බාල සොහොයුරාගේ ශරීරය තැලී පොඩිවී ගොස්‌ ඇති බව කොල්ලුපිටිය පොලිසිය වාර්තා කරයි.

අනතුරින් මියගොස්‌ ඇත්තේ අනුරාධපුරය නව නගරයේ පදිංචිව සිටි ශෂී මධුෂාන් රණවීර (25) නමැති අයියා සහ තීක්‍ෂණ ලක්‌ෂාන් රණවීර (12) නමැති මල්ලී බව පොලිසිය පවසයි.

මියගිය ශෂී මධුෂාන් ඊයේ (11) සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔහු කැදවා ගෙන ඒමට කටුනායක ගුවන්තොටුපළට ගිය ඔහුගේ මව, පියා බාල සොහොයුරා ඇතුළු ඥතීහු ඔහු සමග කොටුව ගාලු මුවදොරට විනෝදවීමට පැමිණ ඇත.

විනෝද වී අවසානයේ ඔවුන් නැවත කොල්ලුපිටිය ප්‍රදේශයට ගොස්‌ තිබේ.

එහිදී මියගිය ශෂී සහ ඔහුගේ බාල සොහොයුරා දුම්රිය මාර්ගය අසල සෙල්ෆි ඡායාරූප ගනිද්දී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණ හෙළි කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here