අපට තිබෙන්නේ වංශය බේරා ගැනීමේ සටනක්‌ නොව මාතෘභූමිය බේරා ගැනීමේ සටනක්‌ – වීරකුමාර දිසානායක

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 2020 වසරේ දී ජනාධිපති වීම වැළැක්‌විය හැක්‌කේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකට කැඩීමෙන් නම් එය අනිවාර්යෙන්ම කළ යුතු බවත්, දෙකඩ නොවී අරගල කිරීමෙන් නම් ශ්‍රීලනිපය කැඩීමට ඉඩ නොදිය යුතු බවත් ජාතික නිදහස්‌ පෙරමුණේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ඊයේ (05 වැනිදා) අනුරාධපුරය ප්‍රීමන් මාවතේ පිහිටි පක්‍ෂ කාර්යාලයේ දී මාධ්‍ය හමුවක්‌ පවත්වමින් පැවසීය.

අද අපට තිබෙන්නේ වංශය බේරා ගැනීමේ සටනක්‌ නොව මාතෘභූමිය බේරා ගැනීමේ සටනක්‌ බවත්, රට එකට යන පාඨය සැමදා වලංගු බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කරනවාද නැද්ද විමසා බැලිය යුත්තේ මහින්ද හෝ මෛත්‍රී යන චරිතවලට සීමා නොකර බවත් මේ රටට වන්නේ කුමක්‌ද යන්න ගැඹුරින් සිතා බලා බවත් වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

බලය මාරු වන්නේ 2020 වසර තුළදී බැවින් පළාත් සභා, පළාත් පාලන යන මැතිවරණ සියල්ල ඊට දෙවැනි වන බවත්, 2020 වසරේදී ජනතාව ලබන ජයග්‍රහණය සහතික කිරීම සඳහා තමා ගනු ලබන තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් ඒ මහතා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here