අනුන්ගෙ දුක විකුණන හිරුට වෙච්ච වැඩේ

රටේ සාමාන්‍ය ගැහැනුන්ගේ මිනිසුන්ගේ අතීශය පුද්ගලික ජීවිත කාරණා ‘තලුමරමින්’ සයිබරය හරහා පැතිරවීමේ මූලිකයා, හිරු නම් වෙබ් අඩවියයි… සියල්ලට පෙර සියලු දේ දකින හිරු මිලින වීමට පටන් ගෙන ඇත.

ඒ “තට්ටය සහිත මිනිසාගේ සහ පෑන්ටිය හැඳි ගැහැණියගේ වීඩියෝව” මේ දින වල අන්තර්ජාලය තුල සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතින බැවිණි .

ABC මාධ්‍ය ජාලයෙ අධිපති රෙනෝ සිල්වා මේ සිද්ධියට ඈඳෙන්නේ තට්ටය සහිත මිනිසාගේ සමඟ එම වීඩියෝවේ සිටින තරුණිය ඔහුගේ බිරිඳ මාලීකා සිල්වා බවට පැන නැගින සැකයත් සමඟයි. මලීකා සිල්වා ද දිනයේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ප්‍රකාශ කරන්නේ ව්‍යාජ සංස්කරණය කරන ලද ඡායාරූප හා වීඩියෝ යොදා ගෙන තමන්ට හා තම පවුල අපකීර්තියට ලක් කිරීමට තැතක් මේ වන් විට ක්‍රියාත්මක වන බවත්ය.

බළලා මල්ලෙන් පනින්නේ මේ අකාරයටයි. තවද හිරු fm කාර්යාලය තුල සේවකයන්ට අන්තර්ජාලය තහනම් කල බවත් වාර්තා වේ. එම විඩියෝවේ සිටින්නේ මලිකා යයි කීමට අපිට උවමනා නැතිය. ඒ සිටින්නේ කව්ද කියා සියලු දේ දන්නා බැවිනි. ඒත් ගැටලුවනම් හතර වටෙන් ඇසෙන නියම ගොසිප් හිරු හොසිප් හා පැත්ත ගියත් ඇත්ත කියන හිරු නිව්ස් මේ ආන්දෝලනාත්මක විඩීයෝ දැක නැත.

හුදෙක් ලිංගිකත්වය මාකට් කරන මෙම වෙබ් පිටු මේ සිටින්නේ තම ආයතන ප්‍රධානියාගෙ බ්රිඳ නොවේ නම් මෙය මාකට් කර අවසානය. මෙම වීඩියෝවේ බැරිවෙලා හෝ තම ප්‍රතිවදියෙක් සිටියේ නම් හිරු කෙසේ පහර එල්ල කරයිද.

හිරු cia දූෂණය වූ තරුණියන් ගැන පලකරන්නේ අවම මාධ්‍ය සදාචාරාය හෝ පවත්වා ගෙන නොවේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මෙම නාලිකාව තම වෙබ් පිටි මෙහෙයවමින් කෙසේ පහර දුන්නාද? මේ හිරුට දැනෙන්නේ දුක පෙර හිරු ඔස්සේ මඩ ගැසූ සියලුදෙනාට දැනෙන්නට ඇත.

මෙවැනි සිද්ධීන් හරහා කාන්තාවන් අපහසුතාවයට ලක්කිරීමට එකඟ නොවන නමුත් මේ හරහා සමාජගත කළ හැකි නිහඬ පණිවිඩය මේ මොහොතේ අතහැර දැමිය නොහැක. එනම්, රෙනෝලා වැන්නන් විද්‍යුත් මාධ්‍යයේ හෝ සමාජ ජාල මාධ්‍යයේ මොනතරම් බලවතුන් වුවත්, මේ පවතින සයිබර් වීදීයේ කිසිවෙකු ආරක්ෂිත නැති බවත්, නුඹලාගේ කියුම් කෙරුම් සහ බාල හැසිරීම් දෙස බලා සිටින පැහැදිලි පිරිසක් අවස්තාව ලැබෙන තුරු නුඹලාගෙන් ඒවාට වන්දි අයකරගැනීමට බලා සිටින බවත්‍, දැන්වත්, ඈත ගමක සියදිවි නසා ගත් තරුණියකගේ පවුලේ සමාජිකයන්ගේ විස්තර පවා නරුමයන්සේ පතුරන විට ඒ මිනිසුන්ට සිදුවන අපහසුතාවය හඳුනාගන්නා ලෙසත් දැනුම් දීමය..

රටටම ධතු වන්දනා කෙරෙව්වාට හිරු රැස් කල පව් සෝදා නොයනු ඇත. රෙනෝගේ සොහොයුරා මරණ දඬුවමට නියම වූ සිරකරුවෙකි. තම බිරිඳ පිළිබඳ රටම කතා කරයි. මීටත් වඩා මාකට් කල හැකි දෙයක් හිරුට නොමැත.

අපගේ අත් වලද අසූචි ගෑවී ඇති බව පෙනෙන්නට ඇත… ඒ, මේ වනතුරුත් “තම සේවකයන් ලවා” අසූචි වලින් සෙසු ජීවිත නැහැවූ, ගලි බවුසර් වල හිමිකරුවන්ටද අසූචි වල සැබෑ ස්වභාවය පෙන්වාදීමට යාම නිසාය.

“කල කම් පලදීම සෑම දෙනාට මෙන්ම හිරුටද පොදු වූ ධර්මතාවකි.”

(මෙවැනි තවත් වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු ද ඕනෑතරම් සයිබරයේ දැකගත හැක..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here