අද සිට පොලිතින් භාවිතා කලොත් වැඩ වරදින හැටි මෙන්න

පොලිතින් හා ප්ලාස්‌ටික්‌ මගින් ඇති වී තිබෙන පාරිසරික ගැටලු අවම කිරීමේ කෙටිකාලීන පියවරක්‌ ලෙස ආහාර එතීම සඳහා භාවිත කරන දවටන (ලන්ච් ෂීට්‌) ආනයන කිරීම, නිෂ්පාදනය හා විකිණීම අද (01 වැනිදා) සිට තහනම් වේ. එමෙන්ම ජාතික, ආගමික, සමාජයීය, සංස්‌කෘතික හා දේශපාලන උත්සව ඇතුළු සියලු උත්සව සැරසිලි කටයුතුවලදී පොලිතින් භාවිතය තහනම් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

පොලිතින් භාවිතය අවම කිරීම සඳහා කෙටිකාලීන ක්‍රියාමාර්ග 12 ක්‌ මධ්‍යකාලීන ක්‍රියාමාර්ග දෙකක්‌ හා එක්‌ දීර්ඝකාලීන ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට නියමිතය.

කෙටිකාලීන ක්‍රියාමාර්ග ලෙස මයික්‍රෝන් 20 ට සමාන හෝ ඊට අඩු ඝනකමින් යුත් පොලිතින් භාවිතය, විකිණීම හා නිෂ්පාදනය තහනම් කරමින් දැනට නිර්දේශ කර ඇති රෙගුලාසි එලෙසම ක්‍රියාත්මක කිරීමත් පොලිස්‌ටයිරින් අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා ආහාර ඇසුරුම් පෙට්‌ටි, ප්ලාස්‌ටික්‌ පිඟන්, කෝප්ප හා හැඳි ආනයනය, නිෂ්පාදනය විකිණීම සහ භාවිතය තහනම් කිරීමත් පොලිතින්වලින් සාදන ලද කවරවල බහා සකසන ලද හෝ පිසූ ආහාර විකිණීම තහනම් කිරීමටත් තීරණය කර ඇත.

එමෙන්ම භාණ්‌aඩ මිලදී ගන්නා අවස්‌ථාවලදී පාරිභෝගිකයන් වෙත ලබාදෙන ලද පොලිතින් ඇසුරුම්වලට විකල්ප වශයෙන් කඩදාසි, පන්, රෙදි වැනි පරිසර හිතකාමී ඇසුරුම් මලු ලබාදීම හා එවැනි ඇසුරුම් නිෂ්පාදනයේදී ජෛව හායනයට ලක්‌වීම මගින් දිරාපත් වන ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත් නියමිතය.

තවද විවෘත භූමිවල පොලිතින් හා ප්ලාස්‌ටික්‌ පිලිස්‌සීම තහනම් කිරීමට ද මේ යටතේ තීරණය කරනු ලැබ ඇත.

තහනම් කිරීමට අදාළ ගැසට්‌ නිවේදනය අද (01 වැනිදා) නිකුත් කෙරේ.

මේ පිලිබදව අදහස් දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තුමන්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here