අගමැති මෝදිට ජනපති මෛත්‍රීගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් …. (Photos)

ජාත්‍යන්තර වෙසක් දින උළෙලෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී   නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පිරිනමන  විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය අද (11) රාත්‍රීයේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබුණි.


ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යතුමා, ජනාධිපතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනුලැබීය. 


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසුරිය, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here