අගමැති නැතිව අමාත්‍ය මණ්ඩලය රැස්වෙයි

අමාත්‍ය  මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(16) පෙරවරුවේ පවත්වා තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම රැස්වීම සඳහා සියලු අමාත්‍යවරුන්ට ආරාධනා කර තිබූ බව සඳහන්වේ.

කෙසේවෙතත් අග්‍රමාත්‍යවරයා චීන සංචාරයක නිරත වන බැවින් මෙවර කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බවට මීට පෙර වාර්තා පළ වී තිබුණි.

මේ අතර ඇතැම් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණේ අමාත්‍ය ධුරවල වෙනසක් හේතුවෙන් කැබිනට් මණ්ඩල රැස්වීම නොපැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර තිබු බවය.

එහෙත් අද (16) උදෑසන 10.00ට පමණ කැබිනට් රැස්වීම ආරම්භ වී ඇති අතර එය පැය එකහමාරක පමණ කාලයක් පැවති බව වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here