අගමැති කාර්යාලයේ නම විකුණමින් හොර ජාවාරමක්!

ජපානයේ රැකියා අවස්ථා ලබා දීම සඳහා අග‍්‍රාමාත්‍ය කාර්යාලය සමග එක්ව වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බව පවසමින් විවිධ පුද්ගලයන් සහ ආයතන මුදල් ඉල්ලා සිටින බවට තොරතුරු වාර්ත වී ඇතැයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

එවැනි කිසිදු වැඩසටහනක් සිය කාර්යාලය මගින් ක‍්‍රියාත්මක නොකරන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.  යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් එලෙස මුදල් ඉල්ලා සිටින්නේ නම් ළ`ගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ ස`දහන්.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here